අප පාසලේ පුස්තකාල සංගමය මගින් පුස්තකාල සතිය වෙනුවෙන් 2024 ඔක්තෝම්බර් 21 සහ 25 යන දවස්
පහ තුළ වැඩසටහන් රැසක් සංවිධානය කරන ලදී. මෙවර පුස්තකාල සතියේ තේමාව වූයේ මග කියනා තරුය අකුරු පොත් කියවමු දිනමු මිතුරු ය. පුස්තකාලය භාරව කටයුතු කරන එම්. ජී. එල් පුෂ්ප කුමාර මයාගේ මග පෙන්වීම යටතේ පාසල් පුස්තකාල සංගමය මගින් පහත දැක්වෙන පරිදි වැඩසටහන සාර්ථකව පවත්වන ලදී.
- 1වන දින - උදෑසන රැස්වීමේ දී පුස්තකාල භාවිතයේ වැදගත්කම පැහැදිලි කර දීම.
- 2වන දින - පුස්තකාල පරිසරය පිරිසිදු කිරීම හා චිත්‍ර ප්‍රදර්ශනය
- 3වන දින- රචනා තරගය හා කථික තරග පැවත්වීම
- 4වන දින- ජංගම දුරකථනය භාවිතය ඉගෙනුමට බාධාවකි/ බාධාවක් නොව් යන මාතෘකාව යටතේ විවාද තරගයක් පැවත්වීම
- 5වන දින- පොත් පරිත්‍යාග ලබා ගැනීම/ දැනුම මිනුම තරගය/ ත්‍යාග ප්රදානය





