සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය(GEMP)
යටතේ පාසල් පාදක ඉගෙනුම් බල ගැන්වීමේ ප්රදානය මගින් වෙන්වූ ප්‍රතිපාදන මත ගණිතය විෂය භාර ඩී. එම්. එස්. එල්. දිසානායක ගුරු මහත්මියගේ මග පෙන්වීම යටතේ 2024 නොවැම්බර් මස 12වන දින ගණිත කදවුර පවත්වන ලදී. මෙම වැඩසටහන සදහා විනෝදයෙන් ගණිතය යන්න තේමාව කර ගන්නා ලදී. පාසලේ 6-8 ශ්‍රේණිවල දරුවන් වෙනුවෙන් පැවැත්වූ මෙම වැඩසටහනෙහි මූලික අරමුණ වූයේ දරුවන්ට අපහසු ගණිත සංකල්ප විවිධ ක්‍රියාකාරකම් යටතේ වඩ වඩාත් අවබෝධ කර දීමය. මෙහි දී හැඩතලවල ලක්ෂණ, සරල ගණිත ගැටලු පිළිබද ක්‍රීඩා මගින් දරුවන්ට පැහැදිලි කර දෙන ලදී.





