සියඹලාගුණය කණිෂ්ඨ විද්‍යාලය

නායකත්ව කඳවුර- 2024

WhatsApp Image 2024-11-18 at 20.03.38_232f5f61.jpg
WhatsApp Image 2024-11-18 at 20.03.38_232f5f61.jpg

විදුහල්පති පණිවිඩය

කේ. ඩබ්. රවින්ද්‍ර මයා

මො/ සියඹලාගුණය කණිෂ්ඨ විද්‍යාලය ඌව පළා‌තේ මොනරාගල දි්ස්ත්‍රික්කයේ වැල්ලවාය අධ්‍යාපන කලාපයේ වැල්ලවාය අධ්‍යාපන කොට්ඨාසයට අයත් දක්ෂ ගුරු මණ්ඩලයක් හා විවිධ හැකියාවන්ගෙන්  යුත් දරුවන්ගෙගෙ සමන්විත ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති. පළමු ශ්‍රේණියේ සිට 11 වෙනි ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන මෙම විද්‍යාලය අභියෝග රැසක් මැද දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ කටයුත්ත සාර්ථක කර ගැනීමට ප්‍රයත්න දරමින් සිටියි. 

වර්තමාන සමාජ ආර්ථික ප්‍රවණතාවන්ට ගැළපෙන නව දැනුම සිසුන්ට ලබා දීම සදහා අවශ්‍ය පහසුකම් ලබා ගැනීම ප්‍රධාන අභියෝගයකි. විශේෂයෙන් ම පරිගණක ආශ්‍රිත දැනුම ලබා දීම සදහා ඒ හා සම්බන්ධව පවතින අවම පහසුකම් විද්‍යාලයට ගැටලුවක්ව පවතී. නමුත් මෙම වෙබ් අඩවිය ආරම්භ කිරීම තුළින් ඒ පිළිබද සිසුුුන් හා ගුරුවරුන් තුළ දැඩි උනන්දුවක් ඇති වීම ඒකී අභියෝගය ජය ගැනීමට රුකුලක් වනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි. 

විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීම සදහා අවශ්‍ය උනන්දුව කැපවීම තුළින් දරුවන්ගෛ් අනාගතය සාර්ථක මට්ටමකට ළගා කර ගැනීමට හැකියාව ලැබී පාසල දියුණුු කරා ගමන් කරවීමට හැකියාව ලැබේවා! යන්න මාගේ ප්‍රාර්ථනයයි.

කේ. ඩබ්. රවින්ද්‍ර මයා
විදුහල්පති
මො/ සියඹලාගුණය, කණිෂ්ඨ විද්‍යාලය.