සියඹලාගුණය කණිෂ්ඨ විද්‍යාලය

නායකත්ව කඳවුර- 2024

WhatsApp Image 2024-11-18 at 20.03.38_232f5f61.jpg
WhatsApp Image 2024-11-18 at 20.03.38_232f5f61.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ජේ. එම්. ඒ. සෙනෙවිරත්න මයා

ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලත් වන මො/ සියඹලාගුණය කණිෂ්ඨ විද්‍යාලය ආර්ථික අපහසුතා මැද ඉගෙනුම ලබන දක්ෂ දරුවන් පිරිසක් සිටින පාසලකි. මේ වන විටත් පාසලෙන් සිප් සතර හැදෑරු බොහෝ පිරිසක් රජයේ සහ පෞද්ගලික ආයතනවල තනතුරු හොබවමින් රටේ දියුණුව උදෙසා දක්වන දායකත්වය අති මහත්ය. 

අප පාසල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ඉගැන්වීමට අවශ්‍ය මූලික පහසුකම් පවා නොමැති තත්ත්වයක් තුළ වුව ද පාසල නමින් වෙබ් පිටුවක් ආරම්භ කළ හැකි වීම ඉමහත් භාග්‍යයකි. මෙම වෙබ් පිටුව තුළින් පාසල පිළිබද තොරතුරු ලෝකවාසී ජනතාව වෙත බෙදා හදා ගැනීමට හැකිවීමත් එමගින් පාසලේ අභිවෘද්ධිය සදහා නන් අයුරින් දායක විය හැකි අයගේ අවධානය යොමුවීමත් මගින් රටට වැඩදායක යහපත් දරුවන් තව තවත් බිහිකර දීමට හැකිවනු ඇත. තව ද මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සදහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන් ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

ජේ. එම්. ඒ. සෙනෙවිරත්න මයා
නියෝජ්‍ය විදුහල්පති
මො/ සියඹලාගුණය, කණිෂ්ඨ විද්‍යාලය.