සියඹලාගුණය කණිෂ්ඨ විද්‍යාලය

පාසලේ ඉතිහාසය

නායකත්ව කඳවුර- 2024

WhatsApp Image 2024-11-18 at 20.03.38_232f5f61.jpg
WhatsApp Image 2024-11-18 at 20.03.38_232f5f61.jpg

වැල්ලවාය ප්‍රදේශයේ ස්වභාව සෞන්දර්යෙන් අනූන වු සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයේ ම කීර්තිමත් විද්‍යාලයක් බවට පත්ව ඇත.

වර්ෂ 1960 .05.03 වන දින ග්‍රාම සංවර්ධන සමිතිය මඟින් ආරම්භ වු පාසලේ මුල් ගුරුතුමා වූයේ ඩි. ඒ. සේරසිංහ මහතාය. පාසලේ මුල් ම ශිෂ්‍යාව කේ.ඩබ්.දයාවතී සිසුවිය විය. මුල් ම ශිෂ්‍යයා වූයේ ඩබ්. අමර රත්න සිසුවාය. සිසුන් 49 දෙනෙකුගෙන් පාසල ආරම්භ කරන ලදි. ආරම්භයේ දී පහළ බාලාංශය හා ඉහළ බාලාංශය වශයෙන් පන්ති 2ක් පැවතිණි. ගම්වාසීන්ගේ ශ්‍රම දායකත්වයෙන් ගොම මැටි ගසා සැකසූ පොල් අතු සෙවිලි කළ තාවකාලික ගොඩනැගිල්ලක පන්ති පවත්වන ලදි. පසු කාලීනව තාවකාලික ගොඩනැගිල්ල ස්ථාවරව සකසන ලදි. ක්‍රමයෙන් තවත් ගොඩනැගිලි 2ක් සේම සිසුන්ට වන්දනාමාන කිරීමට විහාර මන්දිරයක් ද පාසල් භූමියට එක් විය. පාසල තව තවත් භෞතිකව සංවර්ධනය වී විද්‍යාගාරයක්, ගුරු නිවාස දෙකක්, පුස්තකාලයක් හා ක්‍රීඩා පිටියක් ද පාසල් භූමියට එකතු විය.

 විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික හා ද්වීතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය වන තෙක් පන්ති පැවැත්වේ. විෂය සමගාමි කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, විනෝද චාරිකා, විවිධ ආගමික වැඩසටහන්, සාහිත්‍ය සමිති, නායකත්ව පුහුණු වැඩසටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි. 

මේ වන විට විද්‍යාලයේ අචාර්ය මණ්ඩලය 16ක් වන අතර, අනධ්‍යයන කාර්ය  මණ්ඩලය 7 දෙනෙකුගෙන් ද සමන්විත වේ.159ක් පමණ වූ සිසු දුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී  '' දැනුම විනය නිපුනත්වය තුලින් පරිපූර්ණත්වයට '' යන දැක්ම අනුව යමින්  ජයග්‍රහණයේ මාවත ඔසසේ පියනගන අප පාසලට අධ්‍යන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ද දෙමාපියන් හා අධ්‍යාපන බලධාරින්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. නැණයෙන් හා ගුණාත්මක  සංවර්ධනයෙන් වැල්ලවාය අධ්‍යාපන කලාපයේ  ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

ආරම්භ කළ වර්ෂය

1960 මැයි 03

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

49

මුල් ගුරුතුමාගේ නම

ඩී. ඒ. සේරසිංහ මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මො/ සියඹලාගුණය, කණිෂ්ඨ, විද්‍යාලය

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

ඩබ්. අමර රත්න

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

කේ. ඩබ්. දයාවතී